වෛද්‍යරත්න පවුලේ උරුමය

වෛද්‍ය තෝබියස් වෛද්‍යරත්න

වෛද්‍ය රංජිත් වෛද්‍යරත්න

දේශීය වෛද්‍ය විද්‍යාවේ විශ්වසනීයභාවය සහ ඵලදායීතාවය අගය කරමින්, වෛද්‍ය ලුවිස් වෛද්‍යරත්න මහාතා ආයුර්වේද වෛද්‍ය විද්‍යා ප්‍රතිකාර ක්‍රම අඛණ්ඩව වත්වාගෙන ගියේය. ඔහු විසින් භාවිතා කරන ලද වෛද්‍යරත්න පවුලට පමණක් ආවේණික වු සියළුම ස්වාභාවික වට්ටෝරු අදටත් නොකැළැල්ව පවති. වාණිජකරණය ඉහළ මට්ටමක පැවති එවැනි වකවානුවක වෛද්‍ය ලුවිස් වෛද්‍යරත්න මහාතා පරාර්ථකාමී ගමන් මගක් ඔස්සේ ඉදිරියට පියමන් කල අතර එහිදී තම දායකත්වය සහ කැපවීම අඛණ්ඩව ලබාදීම තුලින් තම රෝගීන්ට ඉහළම ප්‍රතිකාර ලබා දෙන්නට ඔහු වග බලා ගත්තේය. අද වන විටත් වෛද්‍යරත්න පරපුර විසින් එකි මුලධර්මයන් අනුගමනය කරනු ලබන අතර සැබෑ ආයුර්වේද ප්‍රතිකාරවල සුවිශේෂිභාවය පවත්වා ගෙන යාම තුලින් ප්‍රධාන වශයෙන් විකලාංග වෛද්‍ය විද්‍යාව සහ ස්නායු රෝග පිළිබඳ විශේෂිත වු දැනුම් සම්භාරයකින් ද යුක්තවේ.

ඉන් අනතුරුව, පල්ලෙවෙල වෙද පරපුරේ ඊළඟ උරුමක්කරු වු තෝබියස් වෛද්‍යරත්න මහාතා, සිය පියානන් ගෙන් මෙම ක්‍රමවේදයන් සුවිශේෂී ලෙස උරුම කරගත් අතර විකලාංග ආයුර්වේද ප්‍රතිකාර පිළිබඳ විශේෂඥයෙකු විය. මෙම අසමසම ක්‍රමවේදයන් ශ්‍රී ලංකාව තුල තවදුරටත් ව්‍යප්ත කිරීමේ අරමුණින් සහ ලෝකයේ සෙසු රටවල් වලටත් මෙම ප්‍රතිකාරවලින් ප්‍රීතිලාභ ලබා දීමේ අභිලාශයෙන් වෛද්‍ය තෝබියස් වෛද්‍යරත්න මහාතා සිය පළමු බෙහෙත් ශාලාව කොළඹ නගරයේ මහජනතාව සඳහා ස්ථාපනය කරන ලදි. එතැන් පටන් ඔහු මහජනතාවගේ ආදරය දිනාගත් අතර “පල්ලවේල වෙදමහත්තයා” ලෙස සුප්‍රසිද්ධ විය. ඔහු ශ්‍රී ලංකාවෙ ග්‍රාමීය ප්‍රදේශ වල සිටින අයට පමණක් සීමා වූනු සහ ප්‍රවේශ විය හැකි ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය වෙනස් කිරීමට ඉමහත් පරිශ්‍රමයක් දැරුවෙය. ඔහුගේ මුලපිරීම නිසා රට පුරා විසිරී සිටින තවත් පරම්පරාවන් ගණනාවකටම, තම පවුලේන් උරුම වූ නොකැළැල් ප්‍රතිකාර වලින් ප්‍රයෝජන ලබා ගැනීමට පහසු ප්‍රවේශයක් සහ අවස්ථාවක් ඔහු විසින් ලබා දෙන ලදි.

සිය පියා වන වෛද්‍ය තෝබියස් වෛද්‍යරත්න මහාතා සමඟ එක්ව, වෛද්‍ය රංජිත් වෛද්‍යරත්න මහාතා “පල්ලේවෙල" විකලාංග ප්‍රතිකාර ක්‍රම දිගින් දිගටම වැඩි දියුණු කරනු ලැබුවේ, එහි සුවිශේෂත්වය ආරක්ෂා කරගනිමිනි. තවද වෛද්‍ය රංජිත් වෛද්‍යරත්න මහාතා, කොළඹ ප්‍රදේශයේම නව ශාඛා දෙකක් විවෘත කරමින් ඔවුන්ගේ සේවය පුළුල් කළ අතර තම පවුලට ආවේණික වු සුවිශේෂී ප්‍රතිකාර ක්‍රමයන් තුලින් ඵලප්‍රයෝජනයක් ලබා ගැනීම සඳහා රට තුළට පැමිණෙන ජාත්‍යන්තර රෝගීන්ට ප්‍රවේශයක් සහ පිළිගැනීමක් ලබා දුන්නේය.

තම පරම උරුමය 21 වන සියවස දක්වාම දායාද කර ඇති අතර එය වෛද්‍ය රංජිත් වෛද්‍යරත්න ගේ පුත් වෛද්‍ය භාග්‍ය වෛද්‍යරත්න මහාතා සහ දියණිය වන වෛද්‍ය දුල්ෂානි වෛද්‍යරත්න මහත්මිය විසින් දේශීයව හා ජාත්‍යන්තරව අඛණ්ඩව පවත්වා ගෙන යනු ලැබේ. ඔවුන් ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය කවුන්සිලයේ නිසි පරිදි ලියාපදිංචි වී ඇති අතර ඔවුන් දැනට ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ප්‍රතිකාර ක්‍රමවේදයන් වල නියෑලී සිටි.

si_LKSinhala
Shopping Cart