සාම්ප්‍රදායික ආයුර්වේද ඖෂධ, මුල සිටම ඔවුන්ගේ පෞද්ගලික මැදිහත් වීම සහ කැපවීමෙන් මිශ්‍ර කර සකස් කිරීමේදී, අමුද්‍රව්‍යවල ස්වාභාවික සාරය ආරක්ෂා වන බව ශ්‍රී ලංකාවේ මුතුන් මිත්තන් විසින් සහතික කර ඇති අතර, වසර 800 ක් පුරාවටම පරම්පරා ගණනාවකට දායාද කොට ඇති ආයුර්වේද ඖෂධ අප තවදුරටත් පරිහරණය කරන්නෙමු . වෛද්‍යරත්න පවුලට පමණක් ආවේණික වු සුවිශේෂී ශාකසාර ඹෞෂධීය තෙල්, පත්තු , චූර්ණ සහ වෙනත් සුව කිරීමේ ඹෞෂධ සකස් කිරීම පිළිබඳව සුවිශේෂිවු දැනුම් සම්භාරයක් අප සතුව පවති.
තවද මෙම සාම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රමවේදයන් ශරීරයේ ස්වාභාවික යහපැවැත්මට කිසිඳු අයහපත් බලපෑමක් ඇතිනොකරන අතර, අදටත් අප විසින් අපගේ රෝගීන් සඳහා මෙම ක්‍රමවේදයන් භාවිතා කරනු ලැබේ. මෙම ක්‍රමවේදයන් 100% ස්වභාවික අමුද්‍රව්‍ය සහිත වන අතර එම අමුද්‍රව්‍යයන් එදා සිට මේ දක්වාම කිසිඳු අතුරු ආබාධ ඇති නොකිරීමට සමත් වී ඇත.
අපගේ සුවිශේෂත්වය
ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින නවීන ලෝකයක, අප අදටත් අපගේ ප්‍රතිකාරවල මූලාරම්භය, සුවිශේෂිභාවය, සරල බව සහ විශ්වසනීයභාවය, ආරක්ෂා කරන්නෙමු. අපගේ රෝගීන්ගේ වෙනස්වන ජීවන රටාවන් මනාව අවබෝධ කර ගැනීමෙන් පසු, අපගේ එකම අභිප්‍රාය වන්නේ ඔවුන්ගේ දෛනික චර්යාවන් වලට කිසිඳු බලපෑමක් හෝ අපහසුතාවයක් නොවන පරිද්දෙන් ඔවුන්ගේ පහසුව සහ සුවපහසුව සැලකිල්ලට ගනිමින් ඔවුන්ට ප්‍රතිකාර ලබා දීමට වග බලා ගැනීමයි.
මෙම දේශීය ඹෟෂධීය ප්‍රතිකාර නිෂ්පාදනය කිරීම සඳහා අතිවිශාල පරිශ්‍රමයක්, කාලය සහ අපගේ මනා කැපවිම ද ලබා දෙනු ලැබේ. අපගේ ඹෟෂධ වර්ග 100% ස්වාභාවික අතර, අප විසින්ම නෙළාගනු ලබන අපගේම උද්‍යානවල වැඩෙන නැවුම් ඹෟෂධීය පැළෑටි වේ. මෙලෙස නෙළන ලද ඹෟෂධීය පැළෑටි මිශ්‍ර කර සකස් කරනු ලබන්නේ අපගේම නව්‍යකරණයෙන් පිරිපහදු කළ දෘඩාංග හා ආම්පන්න උපයෝගි කරගනිමින් වියළීම, කෙටිම, කැපීම, කුඩු කිරීම හා මිශ්‍ර කිරීම යන චක්‍රයක් හරහා ය. මෙම ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය වශයෙන් විවිධ ඹෞෂධීය කසාය වර්ග (කෂාය), විවිධ කුඩු වර්ග (චූර්ණ), පත්තු සහ තෙල් වර්ග ලෙස, මෙම දේශීය ඖෂධ අපගේ රෝගීන්ට ලබා දෙනු ලැබේ.
මෙහිදි විශේෂයෙන්ම වටහා ගතයුතු කරුණක් වන්නේ, අපගේ ප්‍රතිකාරවල පූර්ණ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා රෝගියාගෙන් සැලකිය යුතු මට්ටමක ඉවසීමක් හා කැපවීමක් අවශ්‍ය වන බවය. සුව කිරීමේ ක්‍රියාවලිය සහ කාල පරාසය මුළුමනින්ම රඳා පවතින්නේ එක් එක් රෝගියාගේ ස්වහාවය මතය. අපගේ රෝගීන්ට කිසිදු ශල්‍යකර්මයකින් තොරව 100% ස්වභාවික ප්‍රතිකාර ලබාගැනීම තුළින්, ශල්‍යකර්ම තුළින් ඇතිවිය හැකි අනවශ්‍ය අතුරු ආබාධ වළක්වා ගත හැකිය. නිතිපතා ඇතිවන්නාවු රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම විනා, අප විසින් දිගු කාලීනව පරික්‍ෂා කරන ලද ශිල්පීය ක්‍රම උපයෝගී කර ගනිමින් රෝගයේ මූල හේතුව සඳහා ප්‍රතිකාර කොට එය සම්පුර්ණයෙන්ම තුරන් කිරීමෙන් රෝගීන්ව සුව කරන්නෙමු. මේ සඳහා එක් එක් රෝගියාගේ තත්වය අනුව ඔවුන්ව නිරන්තරයෙන්ම පරීක්‍ෂාවට ලක්කිරීමට සිදුවිය හැක.
